සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
කොළඹින් පිට ප්‍රදේශවල පවත්වනු ලබන විවාහ මංගල උත්සව සඳහා ලබාදී තිබෙන උපරිමය 150 දෙනෙකුගෙන් යුත් පිරිසේ සීමාව ඉක්මවා යමින් විවාහ මංගල උත්සව පවත්වන බවයි යුද හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
මෙවැනි පසුබිමක් මත ඉදිරියේ කොවිඩ් පොකුරු බිහි වීමේ හැකියාවක් ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.