පුලියන්කුලම් මරතෝඩි ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක පුරාවිද්‍යා ස්ථානයක නිධානයක් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිවු දෙනෙකු පෞරාණික බුදු පිළිම ඇතුළු නිධානද සහිතව අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.
මරතෝඩි මන්සන්ධියේ සිට කිලෝමීටර් 6ක් පමණ දුරින් වූ රක්ෂිත කැලෑ ප්‍රදේශයක මෙම සැකකරුවන් බැකෝ යන්ත්‍රයක් දමා නිධානය ගොඩ ගැනීම සිදු කොට ඇති අතර ඒ පිළිබඳ පුලියන්කුලම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ළඟා වනවිට නිධානය හෑරු පුද්ගලයින් නිධානය ගැනීමට හෑරු වල වසමින් සිට ඇති අතර එම අවස්ථාවේදී ප්‍රදේශය වටලා සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී නිධානය හෑරු සැකකරුවන් ලඟ තිබී අඟල් 09ක් උස කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාවක්, අනුරාධපුර යුගයට අයත් අඟල් 19ක් ලොකු පුරාතන මැටි පහනක්, මැටියෙන් සාදන ලද මෙතෙක් හඳුනානොගත් බෝලයක් වැනි දෙයක්, කොතක කොටස් දෙකක් , බැකෝ යන්ත්‍රයක්, ත්‍රීරෝද රථයක්, හා නිධානය ලබා ගැනීමට යොදා ගත් උපකරණ හා ද්‍රව්‍ය තොගයක්ද සොයා ගෙන ඇත.