වව්නියාව පූවර්සන්කුලම් අර්ෆානගර් ප්රදේශයේ නිධන් හැරීමට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකු කාර් රථ දෙකක් සමගින් ඊයේ (05) දින අත්අඩංගුවට ගත් බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.
පූවර්සන්කුලම් පොලීසියට ලැබුනු විශේෂ තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අර්ෆානග්ර ප්රුදේශයේ සිදු කරන ලද සෝදීසි වැටලීමකදී අදාල පිරිස් විසින් නිධානයක් හැරීමට සූදානම් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සැකකරුවන් 08 දෙනෙකු සමගින් කාර් රථ දෙකක්, නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද සමගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව හා කොළඹ ප්රටදේශයන්හි පදිංචි කරුවන් වන අතර සැකකරුවන් අද (06) දින වව්නියාව මහෙස්ත්රාධත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන පූවර්සන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.