දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක පාතාල කල්ලිනායකයකු වු වෙලාසුදා සමග සමිප සම්බන්දතා පැවැත්වු සැකකරුවකු (10) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔහුගෙන් දින 07ක් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් පොලිසියට අවසර ලබා දුන්නේය.
පාතාල කල්ලිනායක වෙළේසුදාගේ මස්සිනා වන මෙම සැකකරු ඉමදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබිය. මෙකි සැකකරුගෙන් තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් පොලිසිය විසින් අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුගෙන් දින07ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා අවසර ලබාදුන්නේය.
වෙලේ සුදාගේ ගොලයා හා ඔහුගේ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (09) රාත්රිප හෙරෙයින් මත්කුඩු මිලිග්රැණම් 1300ක් සමග ඉමදුව ඇල්ලලගොඩ ප්රේදේශයේ දි ඉමදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
සැකකරු සමග සිටි අනික් සැකකරුවන් දෙදෙනා ප්රපශ්න කිරිම සදහා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොහුවල නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
අත්අඩංගුවට ගත් ප්ර්ධාන සැකකරු ත්රිශරෝද රථ රියදුරකු වන අතර පහලින් කනත්ත චුටි යන අනවර්ත නාමයෙන් හදුන්වන අයකු බවද පොලිසිය පවසයි. 47හැවිරිදිවියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල්37.500ක මුදලක්, ජංගම දුරකථන 04ක් බැංකු ගිණුමට අදාල පාස්පොතක් පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරුගේ බැංකු ගිණුම පිළිබද කරණු ලැබු පරික්ෂාවේ දි දි 2019 වර්ෂයේ සිටි 2020 ජනවාරි මාසය දක්වා රුපියල් ලක්ෂ 20කට වඩා වැඩිමුදල් ප්රවමාණයක් සංසරණය වි ඇති බව අනාවරණය වු බවද පොලිසිය පවසයි.
සැකකරු සම්බන්දයෙන් කරණු ලැබු විමර්ශනයේ දි ඔහු වෙලේ සුදා යන අයගේ බිරිදගේ වැඩිමහල් සහෝදරිය සමග මිට පෙර විවාහ වි ඇති අතර දරුවන්ද සිටින බව පොලිසිය පවසයි. පසුව සැකකරුවිසින් එම විවාහයෙන් වෙන්වි වෙනත් විවාහයක් කරගෙන ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත. එමෙන්ම දැනට බන්ධනාගාරතව සිටින වෙලේ සුදා යන අයට බන්ධනාගාරයට අවශ්‍යම පහසුකම් සැපයිමට මෙම සැකකරු කටයුතු කරඇති බව පරික්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු විසින් අසාමාන්‍ය ලෙස මුදල් පරිහරණය කරණ බවට පොලිසියට තොරතුරු ලැබි ඇති බවද පරික්ෂණවලදි අනාවරණය වි ඇත. සැකකරුගේ බැංකු ගිණුම් වාර්තා හා දුරකථන වාර්තා අධිකරණ නියෝගයක් මගින් ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යන බවද පොලිසිය පවසයි.
ඉමදුව පොලස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතාට ලද තොරතුරකට අනුව ඔහු ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.
ජිනේෂ් නානායක්කාර