ව්‍යාජ වීසා බලපත්‍ර සහ නාවික හැදුනුම්පත් භාවිතා කරමින් සියරාලියොන් හි සංචාරයක නිරත වීමට යන මුවාවෙන් , යුරෝපයේ රැමේනියාව වෙත පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයන් සිව් දෙනෙකු ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මොවුන් සිව් දෙනා අතරින් දෙදෙනෙකු යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 41 යන වයස් වල පසු වන ද්‍රවිඩ ජාතිකයන් වූහ .
අනෙක් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනා , මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු සහ 31 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
මෙම දෙදෙනා සතුව රැමේනියානු වීසා බලපත්‍ර 02 ක් තිබුණි .
මොවුන් සිව් දෙනා බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන සියරාලියොන් වෙත පිටත්ව යාම සදහා , අද දින රාත්‍රී 8.30 ට තුර්කියේ ස්තාම්බුල් නුවර බලා පිටත්ව යන තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 731 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
සියරාලියොන් රාජ්‍යය වෙත ඇතුළු වීමට ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමේ පහසුකම් සලසා දී තිබේ .
මොවුන් පිළිබඳව ඇති වූ සැකය මත , කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , මොවුන් කැදවා , මොවුන් සතු ගුවන් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර ඇතුළු අනෙකුත් ලියකියවිලි පරීක්ෂා කරමින් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ .
එහිදී මොවුන් තුර්කියේ ස්තාම්බුල් නුවර වෙත පැමිණ , සියරාලියොන් ඔස්සේ රැමේනියාව වෙත පැන යාමට සැළසුම් කර තිබූ බව අනාවරණය කර ගැනීමට මෙම නිලධාරීන් සමත් වී තිබුණි .
ඒ අතර මොවුන් අතර සිටි දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ රැමේනියානු වීසා බලපත්‍ර දෙක තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කළ අතර , එහිදී එම වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු විය.
එසේම අනෙක් ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනා සතුව තිබූ , මධ්‍යම ඇමෙරිකාවේ හොන්ඩියුරාස් රාජ්‍යයේ නාවිකයන් ලෙස කටයුතු කරන බවට වූ නාවික හැදුනුම්පත් දෙක ද මෙම නිලධාරීන් විසින් තාක්ෂණික පරීක්ෂාවන්ට යොමු කර තිබේ .
එහිදී මෙම නාවික හැදුනුම්පත් දෙක ද , ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ඒවා බවට කරුණු අනාවරණය විය .
නාවික හැදුනුම්පත් යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවලට වීසා නොමැතිව ඇතුළු වීම සදහා නාවිකයන් භාවිතා කරති .
ඒ අනුව මොවුන් සිව් දෙනා අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , මේ පිළිබඳව වැඩිදුරට විමර්ශන කටයුතු සදහා , මොවුන් සතුව තිබූ ලියකියවිලි ද සමග කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .