වරකාපොල, දොරවක, ගනේගම ප්රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙක් විසින් මවකට හා ඇගේ දියණියට වෙඩි තබා ඇති බව වරකාපොල පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීමෙන් අවුරුදු 22ක් වන දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර මව බරපතල තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ.
අද අලුයම 5.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබිමට හේතුව ප්රේමසම්බන්ධයක් විය හැකි බව පොලිසිය සැක පළකරයි.
සැකකරු අත්අඩංගුවට ගැනිමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වරකාපොල රංගන රුවන්