හෙට හා අනිද්දා (17දා හා 18දා) දියන්හිදී විහේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව හා දකුණු පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද පස්වරුවේදී සබරගමුව, බස්නාහිර, හා ඌව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්රිත්කවලත් තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඔවුන් පෙන්වා දෙයි.
හම්බන්තොට,අම්පාර, මඩකලපුව හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.