ලෝක බැංකුව විසින් හඳුන්වාදී ඇති ‘ව්‍යාපාර කිරීමට පහසුව සැලසීම‘ පිළිබඳ දර්ශකයෙන්2018 වසරේදී ලෝකයේ රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට පැමිණ ඇතැයිපොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ(14දා) පැවසීය.
ආයෝජකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු වතාවරණයක් රටතුළ නිර්මාණය කර තිබීම මෙම දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීමට බලපා තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම දර්ශකය අනුව 2013 වසරේදි ශ්‍රී ලංකාව 113 ස්ථානයද,2015 වසරේදී 109 වැනි ස්ථානයද,2016දී 110 වැනි ස්ථානයද,2017දී 111 වැනි ස්ථානයද,2018දී 100 වැනි ස්ථානයද හිමිකරගෙන ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය ලියාපදිංචි කටයුතු ඉතා ඉක්මනින් සිදුකිරීම,කොළඹ මහ නගර සභාව,නාගරික සංවර්ධන අධිකාරිය,ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය,මිනුම්දෝරු දෙපාර්තුමේන්තුව,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් ව්‍යාපාරිකයන්ට ලබාදිය යුතු සේවා ප්‍රමාදයකින් තොරව අන්තර්ජාලය හරහා ඉටුකිරීම ආදිය මේ සඳහා බලපා තිබෙන බවද ඇමතිවරයා පැවසීය.
පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2018 වසරේදී ශ්‍රී ලංකාව අංශ 11කින් ඉදිරියට පැමිණ තිබෙන බවත්,එමවසරේදී ඉන්දියාව අංශ 23කින් හා චීනය අංශ 36කින් ඉදිරියට පැමිණ තිබුණු බවත්ය.