අලෙවි කිරිම සඳහා ව්‍යාජ සිගරට් අටදාස් හයසියයක් සමඟ ගුවන් හමුදා සැරයන්වරයෙකු සහ කාන්තාවක් අද (24) දින පස්වරුවේ දි හිඟුරක්ගොඩ කඳවුර ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ගුවන් හමුදා සැරයන්වරයෙකු බවත් කලක පටන් මෙම පුද්ගලයා විසින් ප්‍රදේශයේ වෙළඳසැල් වෙත මෙම ව්‍යාජ සිගරට් අලෙවි කරන බවට පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කල බව පොලීසිය පැවසිය.
මෙම ප්‍රදෙශයේම වෙළදසැලක් තුල අලෙවි කරමින් තිබු ව්‍යාජ සිගරට් 26ක් සමඟ වෙළදසැල හිමිකාරියත් ගුවන් හමුදා සැරයන්වරයාගේ නිවසේ සඟවා තිබු ව්‍යාජ සිගරට් 8,600ය සොයා ගත් බවත් මෙම සැකකරුවන් දෙදෙනාම හිඟුරක්ගොඩ කඳවුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
මෙම ව්‍යාජ සිගරට් ලබා ගැනිම පිළිබඳ විමසිම් කලත් ඔහු පවසා ඇත්තේ වෙනත් පුද්ගලයෙකු විසින් තමන්ට ලබා දුන් බවත් එම පුද්ගලයා තමන් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට පත් සිගරට් තොගය සහ සැකකරුවන් හෙට (25) දින හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව හිඟුරක්ගොඩ පොලීසිය කියයි.