නිල චිකිත්සක වෛද්‍යවරයකු ලෙස පෙනි සිටිමින් විවිධ පුද්ගලයන්ට වෛද්‍ය උපදෙස් ලබා දුන් ව්‍යාජ වෛද්‍යවරයකු 08වන දින හැටන් මුලස්ථාන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා හැටන් හිජ්රා පුර ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන විවිධ පුද්ලයන්ට නිල චිකිත්සාව පිලිබදව උපදෙස් ලබා දෙමින් මුදල් ලබා ගන්නා බවත් මොහු නිල චිකිත්සාව පිලිබද වෛද්‍යවරයෙක්ද යන්න සැක සහිත බවට හැටන් මුලස්ථාන පොලිසියට ලද පැමිනිල්ලක් මත මෙම පුද්ගලයා මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ජි. එස්. පලිපාන මහතා පවසන ලද්දේ පොලිසියට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි නිල චිකිත්සක වෛද්‍යවරයෙක් ලෙස පිලිගැනිම සදහා මොහු සතුව කිසිදු ලිපි ලේඛනයක් හෝ නොතිබුන බවත්ය.
නිල චිකිත්සාව පිලිබදව කිසිදු ලිපි ලේඛනයක් නොතිබුනද මොහු විසින් හැටන් ප්‍රදේශයේ හා අවට ප්‍රදේශවල විවිධ රෝගින්ට නිල චිකිත්සාව පිලිබදව උපදෙස් ලබා දෙමින් එක් අයකුගෙන් රුපියල් අට සියයක් වැනි මුදලක් ලබා ගෙන ඇති බවද ඔහු පවසන ලදි.
එම තත්වයන් මත මෙම පුද්ගලයා සැක පිට අත් අඩංගුවට ගත් බවත් මොහු මන්නාරම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 46ක් පමන වයසැති සෙයියදු මොහොමඩ් අබ්දුල් නැමති අයකු බවත් මෙම සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත් ඔහු තව දුරටත් පවසන ලදි.