කිරිබත්ගොඩ දීප්තිගොඩ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ව්‍යාජ රුපියල් 100 නොට්ටු 5ක් සහ 500 නොට්ටු 3ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මෙම ව්‍යාජ නොට්ටු මුද්‍රණය කර මාරු කිරීමට ඔවුන්ට ලබා දුන් අනාවරණය කර ගෙන ඇති අතර පසුව එම නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 1000 නොට්ටු 27ක් සහ 500 නොට්ටු 04ක් ද සමගින් ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාජ මුදල් මුද්‍රණය සඳහා උපයෝගී කරගත් පරිඝනකය සහ මුද්‍රණ යන්ත්‍රයද පොලිස් භාරයට ගෙන ඇත අත්අඩංගුවට ගත් සැකකරුවන් 26,24,19 වයස් වල පසුවන්නන් වන අතර ඔවුන් අද (21) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.