අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ අද( 14 ) පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරියක් කියලා තියෙනවා මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා මේ පිළිබදව අදහස කුමක්ද යනුවෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය ,
පොහොට්ටුව කියා ගන්නා ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරියක් කියලා තිබුණා පසුගිය දවසක මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා.හැබැයි ජනතාව දන්නවා මේ හොර නඩය නැවත බලයට එන්න උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවට යහපතක් කරන්න නෙමෙයි තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගනිමින් තමන්ට පැණි කන්න විතරයි කියලා.
ඒ ගොල්ලන්ගේ ඉතිහාසයේම කරලා තියෙන්නේ රාජපක්ෂ ඇතුළු හොර නඩයේ පැණි ගොට්ටේ රස බලපු එක විතරයි .මට කියන්න තියෙන්නේ පැණිවල රස දන්න නිසා මේ ගොල්ලන්ට ආණ්ඩු බලය නැතිව ඉන්න බැහැ. දුප්පතා වෙනුවෙන් නෙවෙයි මේ අය වැඩ කළේ රාජපක්ෂ පරම්පරාවට විතරයි මේ හොර නඩය වැඩ කළේ. මේ අය වැඩ කළේ රාජපක්ෂ පවුලත් ඔවුන්ට එහෙයි කියා ගන්නා පිරිසකගේ බලය වැඩි කර ගන්න විතරයි.
මේ අයට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා අපේ අග්රාමාත්යතුමාත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමාත් . ඒ නිසා බොරුවට කෑ ගහනවා. චෝදනා කරනවා. මේ රට ගොඩ නගන්න බැහැ කියලා . ඒ නිසා විවිධ කුමන්ත්‍රණ කරනවා . මේ අයට රාජපක්ෂ වරුන්ගෙන් හැර වෙන විකල්පයක් නැහැ. වෙන නායකයෙකුත් නැහැ .ඒ නිසා තමයි මෙච්චර කෑ ගහන්නේ යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
කෂිනි හපුආරච්චි