වනෝද්‍යාන තුළ සිටිනා සතුන් දඬයම් කිරීමේදී අයකරන රුපියල් 25000-30000ත් වන දඩය රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරමින් යන බව වන ජීවී හා වන සංරක්ෂන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මදු අටවන අය වෙනුවෙන් සිර දඩුවම් හා දඩ මුදන් වැඩි කිරීමට මෙන්ම වන විනාශ කරන වරදකරුවන්ටද සිර දඩුවම් හා දඩ මුදල් වැඩි කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
වනාතවිල්ලුව වන විනාශය සම්බන්ධයෙන් සලකා බැලීම වෙනුවෙන් සදුදා ක්ෂේත්‍ර පරීක්ෂණකට යන බවත් පරිසර අමාත්‍යාංශයද මෙම වන විනාශයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් කරන බවත් ඔහු පැවැසීය.
වනාතවිල්ලුව වන විනාශය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 7ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පැවැසීය.