වනඅලි උවදුර මඬින්න නිලධාරීන්ට චීන ගිනිඅවි - SF
රට පුරා පැතිර ඇති වනඅලි උවදුර ඉදිරි වසරක කාලය ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා වනජීවි නිලධාරීන්ට සුදුසු නිල ඇඳුමක් සහ ගිනිඅවියක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත් වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (08දා) පැවැති රැස්වීමකදී හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“වනජීවී දෙපාර්තමේන්තුවට වසර හැත්තෑවක් පමණ පැරණි වෙනවා. අලි මිනිස් ගැටුමට වසර 35ක් පමණ වෙනවා. යුද්ධය මට බාර දුන්නෙත් වසර තිස් දෙකක් පමණ පරණ වූවායින් පසුවයි. වසර එකහමාරක පමණ කාලයකින් මාහට ගෙදර යන්නට සිදුවන නිසා වසරක් ඇතුළත අලි මිනිස් ගැටුම 95 %ක් අවසන් කිරීමට මා ක්‍රියා කරනවා.
අලි මිනිස් ගැටුමට එකම විසඳුම බවට පත්ව ඇත්තේ ප්‍රමිතියෙන් යුතුව අලිවැට සවි කිරීමයි. මේව න විට රට වටේ කිලෝමීටර් 4500ක් විදුලිවැට පැවතියද ඒ සියලු විදුලි වැටවල් ප්‍රමිතියකින් තොර ඒවායි. තවත් කිලෝමීටර් දෙදහස් පන්සීයක් දුරකට විදුලිවැට අවශ්‍යයි. තවත් කිලෝමීටර් 2500 ඉදිකොට ඒවා නඩත්තු කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවට පිරිස් බලය පන්දහසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබෙනවා.
වනජීවී දෙපාර්තමේන්තුව මුදල් බිලියන 50ක් පමණ ඇති කෝටිපති ආයතනයක් මා එම මුදල් ප්‍ර යෝජනයට ගෙන මේ වසර එකහමාර තුළ අලි මිනිස් ගැටුම අවසන් කිරීමට බලාපොරොත්තු වනවා.
වනජීවී නිලධාරීන්ට සුදුසු නිල ඇඳුමක් ලබාදීමටත් එමෙන්ම දැනට පාවිච්චි කරන ගිනි අවිය වෙනුවට චීනයෙන් ගෙන් වූ ටී56 ගිනි අවියට සමාන ගිනි අවියක් ලබාදීමට මේ වන විට ජනාධිපතිවරයාගේ අවසරය ලැබී තිබෙන අතර එම ගිනි අවියෙන් අලින්ට වෙඩි තැබීම නොව තමන්ගේ ආත්ම ආරක්ෂාවට පාවිච්චි කළ යුතුයි.“යැයි ද පවසා සිටියේය.

එස්.කරුණාරත්න / රත්තොට - රුවන් ධනංජය
popular news
-
රත්නසේන Monday, 09 July 2018 03:13 PM
ඇත්තෙන්ම වන ජීවි නිළධාරින්ට ගිනි අවි දිමට සිතිම නම් වන ජිවි සංරක්ෂන ආයතනයකට නොගැලපෙන ක්‍රියාවක් (ඔවුන්ට ආරක්ෂා වීමට විවිධ උපක්‍රම තිබිය යුතු බව ඇත්ත). කළ යුත්තේ ඔවුන්ට ඉතා උසස් විද්‍යාත්මක පුහුණුවක් ලබා දී ඔවුන්ට පරිසරය, එහි සම්පත් සහ ස්වාභාව දහම ආදිය පිලිබඳ ආකල්ප, දැනුම, සහ කුසලතා දියුණු කරන්න. රජයට මේ ගැන දැනුමක් නැතිබව පැහැදිලිය, ඒ නිසා විවිධ ආයතන සහ විද්වතුන් ගේ සහය ලබා ගන්න. සතුන් නිර්වින්දනය උපකරණ සහ සතුන්ට ප්‍රතමාධාර උපකරණ සහ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදෙන්න.
Reply : 7 94
Champa Monday, 09 July 2018 04:22 PM
මොකක්ද මේ කියන්නේ? වනජීවී නිලධාරීන්ට T56ක් දෙනවලු තමන්ගේ ආරක්ෂාවට? වනජීවී නිලධාරි කීදෙනෙක්ට වෙඩි වැදිලා තියෙනවද ඔය කියන විදියට? වනජීවී දෙපාර්තුමේන්තුවට සල්ලි වෙන් කරලා තියෙන්නේ වනජීවින් වෙනුවෙන්. වනජීවීන් ආරක්ෂා කරගන්න. මිනිස්අලි ගැටුම අතුරු කතාවක්. දැන් කරන්න හදන්නේ අලින් ටික ඉවර කරන්න. මිනිස්අලි ගැටුම T56 කින් ලේසියෙන්ම ඉවර කරන්න පුළුවන්. දැන් ඔය සල්ලි වලින් අලින් ආරක්ෂා කිරීම වෙනුවෙන් කරන වියදම් මොනවාද? යුද්ධ කතාව මෙතනට අදාළ නැහැ. කොටිය කියන්නේ ත්‍රස්තවාදියෙක්. අලියා ත්‍රස්තවාදියෙක් නෙමෙයි. අලියා කියන්නේ සම්පතක්. වඳ වේගෙන යන නිසා ආරක්ෂා කරගත යුතු සම්පතක්. ලෝකේ හැම තැනම අලි අඩු වේගෙන යනවා. අප්‍රිකාවේ අලි ලක්ෂයක් හිටිය. දැන් ඉන්නේ 30,000යි. කොටියට T56 හරි ගියාට අලියට T56 හරි යන්නේ නැහැ. අලිවැට හරියන්නෙත් නැහැ. 19වෙනි ශත වර්ෂයේ ලංකාවේ වල්අලි 19,500ක් ඉඳලා. 2001 දී 4000ක්. වල්අලි දැන් ඉන්නේ 2000ක් විතර. අයියෝ දෙයියොනේ. වල්අලි ඇත්තු ටික ඉවර කරලම දායි වගේ. ජනාධිපතිතුමා වනජීවීන් බාර දීල තියෙන්නේ මාංශ භක්ෂකයෙකුටනේ. වනජීවීන් බාර දෙන්න තිබ්බේ ශාක භක්ෂකයෙකුට. (No offence meant)
Reply : 13 84
සෙනෙවි Tuesday, 10 July 2018 04:41 PM
මේ වන ජීවී සංහාරක අමාත්‍යාංශය ද ?
Reply : 0 105
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

