වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන අලි වන්දි ක්‍රමය යටතේ ගෙවනු ලබන වන්දි මුදල දෙගුණ කිරීමට වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
අදාළ යෝජනාව අනුව ජීවිත හානියක් වෙනුවෙන් වන්දි මුදල ලෙස රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබේ. මින් පෙර මේ ඳහා ගෙවන ලද වන්දි මුදල වූයේ රුපියල ලක්ෂ 5ක මුදලකි.
ආරක්ෂිත වන සතුන් වන වනඅලියා, දිවියා, වලහා, කුළු හරකා හා කිඹුලා විසින් පහරදීමෙන් සිදුවන මිනිස් මරණ සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම වන්දි මුදල ගෙවීමට යෝජනා කර තිබේ.
මෙහිදී එම සතුන්ගෙන් සිදුවන ශාරීරික හානි වෙනුවෙන් පූර්ණ බෙලහීනතාවයකට ත්වන පුද්ගලයෙකු සඳහා උපරිම වන්දි මුදලද රුපියල් මිලියනක් දක්වා වැඩි කිරිමට යෝජිතය. මින් පෙර මෙවැනි තත්ත්වයකදී ගෙවන ලද මුදල රුපියල් ලක්ෂ 5කි.
මීට අමතරව
අර්ධ බෙලහීනතාවයකට රු 150000 (මින්පෙර රු 75000)
නිවාස හා දේපළ හානි සඳහා රු 200000 (මින්පෙර රු 100000)
දෙමාපියන් අහිමිවන දරුවෙකුට උසස් අධ්යාපපනය සඳහා මසකට රු 5000 බැගින්
වන්දි ගෙවීමට යෝජිතය.