විදුහල්පති 3 ශ්‍රේණිය සඳහා අද (10 ) දින පැවති විභාගයට ජංගම දුරකථන සගවා ගෙන ඒ සඳහා පෙනි සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් තිදෙනෙකු විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ නිරික්ෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇති බව පවසයි.
පුත්තලම ෆාතිමා බාලිකා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ පැවති අදාළ විදුහල්පති 3 ශ්‍රේණි සඳහා තරග විභාග ආරම්භ වි සුළු කාලයක් තුළදි අදාළ අපේක්ෂකයින් සතුව තිබු ජංගම දුරකථන මෙසේ සොයා ගැනිමට විභාග දෙපාර්තමේන්තුවේ නිරික්ෂණ කන්ඩායමට හැකිව තිබුණි.
දිවයින පුරාම අද (10 )දින පැවති විදුහල්පති 3 ශ්‍රේණිය සඳහා වු තරග විභාගයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් අපෙක්ෂකයින් 500 කට ආසන්න ප්‍රමාණයක් පෙනි සිටිම සිදුව තිබුණි.
එම අපෙක්ෂකයින් පුත්තලම ෆාතිමා බාලිකා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථාන තුනකදි අදාළ තරග විභාගයට පෙනි සිටිමට අවස්ථාව ලබා දි තිබු අතර මේ සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ දැනට සේවය කරන ගුරුවර ගුරුවරියන්ට අවස්ථාව ලබා දි තිබුණි.
විභාගය උදේ 9 ට ආරම්භ විමට ප්‍රථම සියලුම අපේක්ෂකයින් ට සිංහල ,දෙමළ , ඉංග්‍රීසි , භාෂා තුනින්ම අදාළ නීති රිති සියල්ම දන්වා සිටි අතර ජංගම දුරකථන ද ළඟ තබා ගැනිම සම්පුර්ණයෙන් තහනම් බවට එම දැනුම් දිම් වලට අදාළ කර තිබුණි.