විදේශ රටවලින් සහල් ගෙන්වා එම සහල් සත්ව ආහාරවලට විකිණීම නිසා රජයට රුපියල් කෝටි 1515 ක් පාඩු වී ඇතැයිද රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කළ වී මිලදී ගැනීම ක්‍රමවේදය ගැසට් මගින් නීතිගත කරන්නැයි ද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටී.
ඊයේ (17දා) පස්වරුවේ දඹුල්ල අතුපර්යාය ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
වීරවිල සහ හිඟුරක්ගොඩ ප්‍රදේශ වල ගබඩා දෙකක පසුගිය 2016 ,17 සහ 2014 ,15 යන වසරවල විදේශ රට වලින් මෙරටට ගෙන්වූ සහල් තොග මේ වනවිට සත්ව ආහාරවලට ලබාදී තිබෙන බව ඔහු පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා පාලනය කළ ආණ්ඩුව ෛමත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම පාලනය කළ ආණ්දුව දෙකම මෙයාකාරයෙන් සහල් පිටරටින් ගෙනා සත්ව ආහාර වලට ලබාදී තිබෙන බවත් ඒ අනුව සහල් කිලෝ පන්කෝටි හැත්තෑ හය ලක්ෂයක් සත්ව ආහාර සඳහා විකුණා තිබෙන බව හෙළිදරව් කළේය .