එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගන්නා ලද බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු කොළඹ , මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ඩුබායි හි රැකියා කළ අයෙකි .
ඔහු අද දින අලුයම 2.45 ට සාජා නුවර සිට පැමිණි එයා ඇරබියා ගුවන් සේවයේ ජී9501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
රුපියල් ලක්ෂ 18 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත "ටොප් මවුන්ටන් " වර්ගයේ දුම්වැටි 33,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 150 ක් සහ තවත් පැකට් 190 ක් ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඔහුගේ ඇදුම් අතර සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.