විදුලි බිලට අමතර කිසිදු ගාස්තුවක් එකතු කර නොමැති බවත් මුදල් අය කරන්නේ පාවිච්චි කරන ලද විදුලි ඒ්කක ප්‍රමාණය අනුව බවත් විදුලි බිල ගෙවීම සඳහා ප්‍රමාණවත් කාල සීමාවක් ලබා දිමට පියවර ගන්නා බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා විදුලි බිල්පත් දැනට විදිමත් ව ලබා දීමක් සිදු නොකරන බැවින් මාස දෙක තුනක බිල්පත් එකතු කර අමතර ගාස්තුවක් ද සහිතව එක්වර විශාල මුදලක් තමන්ට ගෙවන්නට සිදුවේ යැයි මේ දිනවල නිරන්තරයෙන් මහජනතාව විදුලිබල අමාත්‍යාංශය හා විදුලි බල මණ්ඩලයෙන් විමසීම් කරනු ලබයි.
මෙම කාරණය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයේ නිලධාරින් සමග ඊයේ (23දා) සාකච්ඡා කර තිබේ.
එහිදි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීමට හැකියාවක් නැති බවයි.
එහෙත් ඇතැම් අය ඔන්ලයින් ක්‍රමයට ගෙවීම් කරන අතර පාරිභොගිකයින් විශාල පිරිසකට එසේ කිරීමට හැකියාවක් නොමැත.
එමනිසා මාසික විදුලිබිලට අමතර කිසිදු අමතර ගාස්තුවක් එකතු නොකරන ලෙසත්, විදුලිය විසන්ධි කිරීම සඳහා රතු බිල් නිකුත් කිරීමට පියවර නොගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
එහෙත් දැනට ඇඳිරි නීතිය ලිහිල් කර තිබෙන ප්‍රදේශවල ජනතාවට විදුලි බිල්පත් ලබා දීමට හා ඔවුන්ට ඒ්වා ගෙවීමට හැකියාව ඇති බැවින් එම මුදල කොටස් වශයෙන් ගෙවීමට හෝ අවස්ථාව ලබා දීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
විදුලි බල මණ්ඩලය දැනට පාඩු පිට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනයක් බැවින් විදුලි බිල ගෙවීමට පියවර ගැනීම මහජනතාවගේ වගකීමක් බවද අමාත්‍යවරයා පවසයි.