ඉදිරියෙදී නිශ්චිත කාලසටහනක් අනුව විදුලිය කප්පාදු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. මේ වන විටත් ප්‍රදේශ රාශියකම විදුලි සැපයුම අත්හිටුවීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.
නොරොනච්චෝල තාප විදුලි බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රයේ ඇතිව තිබෙන කාර්මික දෝශය හේතුවෙන් තවදුරටත් විදුලිය නොදන්වා කප්පාදු කරමින් සිටියි.
මේ අතර ලංවිම සේවකයන් සඳහන් කරන්නේ නොදන්වා විදුලි කප්පාදු කිරීම මගින් ජනතාව අපහසුතාවට පත්කර වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේ සූදානමක් ඇති බවයි.