වෛද්‍යවරුන්ගේ තරයේ අවවාදය අනුව අද දිනයේදී තමන් කොවිඩ් 19 එන්නත ලබාගත් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
“මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි.”