අධිකරණයේ ඇප මත මුදාහැර සිටින වෛද්‍ය එස්.එම්. සාෆා මහතා නැවත සේවයේ පිහිටුවන ලෙසට ඔහු විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මගින් කර ඇති ඉල්ලීම පිළිබඳව මේ දක්ව අවසන් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.
එම වෛද්‍යවරයාට එල්ල වී ඇත් චෝදනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා එහි වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දන්ව ඇති බවද කොමිෂමේ ලේකම් දයා සෙනරත් මහතා පවසයි.
කෙසේ වෙතත් එම වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවත්, එම වාර්තාව හා සාෆි මහතාගේ ඉල්ලීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තම නිර්දේශය ඉදිරිපත් කරන තෙක් සාෆි මහතා යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා බවද ලේකම්වරයා සඳහන් කරයි.
මෙම කරුණ සම්බන්ධයෙන් ජනපතිවරයා හෝ ජනාධිපති කාර්යාලයේ කිසිඳු නිලධාරියෙක් තම කොමිෂන් සභාවෙන් හෝ ඒ යටතේ ඇති සොෟඛ්‍ය සේවා කමිටුවෙන් හෝ කිසිඳු විමසීමක් සිදුකර නොමැති බවද දයා සෙනරත් මහතා පවසයි.
මෙම කරුණ සම්බන්ධයෙන් එයට පටහැනිව විවිධ මාධ්‍යජාලා මගින් සිදුකර ඇති සියලුම ප්‍රකාශයන් අසත්‍ය බවත් ඒ සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.