ගලේවෙල දීග්ගල ප්රදේශයේ නිවසක් පිටු පිටුපස තිබූ වතුර මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක් වූ කුඩා පිරිමි දරුවෙකු 28 දින පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල දිග්ගල ප්රදේශයේ පදිංචි සහන් යෝෂිත නැමැති වයස අවුරුදු එකහමාරක් වූ සිඟිති දරුවෙකි.
ඉතා දිළිඳු පවුලක ජීවත් වන මෙම දරුවාගේ පවුලේ තවත් දරුවන් හතර දෙනකු සිටිති. දැඩි ආර්ථික දුෂ්කරතා වලින් පිරි මෙම පවුලේ මව දරුවන් සිව් දෙනාට දිවා ආහාරය ලබා දී නිවස ආසන්නයේ පිහිටි තම පියාගේ නිවසට ගොස් එන අතර තුරදී මෙම කුඩා දරුවා සීයා ගේ නිවස පිටිපස තබා තිබූ වතුර පිරවූ මුට්ටියට ඇද වැටී තිබෙන බව මියගිය දරුවාගේ පියා වන ආර්.ඒ . සම්පත් මහතා පැවසීය.
මෙම මියගිය දරුවා ගේ සීයා දිවා ආහාරය ගෙන පිඟාන සේදීම් සඳහා නිවස පිටිපස තබා ඇති මුට්ටියට වතුර ලබා ගැනීමට පැමිණෙද්දී කුඩා දරුවා එම මුට්ටියෙ වැටි සිටින ආකාරය දුටු බව ඔහු කියයි. පසුව දරුවා ඔසවා ගෙන අසල්වැසියන්ගේ සහාය ඇතිව දඹුල්ල රෝහලට රැගෙන ගිය බවත් එසේ රැගෙන යන විට පුංචි සහන් යෝෂිත මෙලොවෙන් සමු අරන් තිබූ බව කියයි
වතුර මුට්ටිය තුල කුඩා ප්ලාස්ටික් බෝතලයක් හා මුඩියක් ද තිබු බව පොලිසිය කියයි .මෙම දරුවා කුඩා බෝතලයට වතුර පිරවීමට යද්දී මුට්ටිය තුලට ඇදවටෙන්නට ඇති බව පොලිසිය සැකකරයි .
මියගිය දරුවාට වැඩිමහල් වයස අවුරුදු 9ක,පහක මෙන්ම තුනහමාරක සහෝදරියක සහ සහෝදරයන් දෙදෙනෙකු ද සිටිති.
මියගිය කුඩා දරුවා ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලේ තබා තිබේ. මරණය සම්බන්ධයෙන්යෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.