අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (26) පෙරවරු 10 සිට පැය 24ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
වත්තල - මීගමු පාරේ කොටසක්, මාබෝල ප්‍රදේශයේ කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටියේ කොටසකටද එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
වත්තල ජල සම්පාදන ක්‍රමය මගින් හැඳල පාලම හරහා ජලනළ එළීම හා ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් මෙලෙස ජලය කප්පාදු කිරීමට සිදුවන බවද වැඩිදුරටත් වාර්තා වේ.