වතුකම්කරුවන්ගේ මුලික වැටුප රු 700 දක්වා වැඩි කර එයට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කර ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා සමස්ත වතුකරයේ ජනතාවම වතු සමාගම් අතරේ පවා දි ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවිර මහතා පැවසිය.
මංජුල සුරවිර මහතා ඒ බැව් පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමය මගින් අයිතින් දිනා ගැනිමට සටන් කරමු යන මැයෙන් (17) දින හැටන් නගරයේදි වතුකරයේ ජනතාව දැනුවත් කිරිම සදහා අත්පත්‍රිකා බෙදා දෙමින් මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මංජුල සුරවිර මහතා කියා සිටියේ රු 1000 දක්වා වතු කම්කරු වැටුප වැඩි කිරිමේ සටන ජනතා විමුක්ති පෙරමුණ අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
ජයේ පාර්ශවයත් වතු සමාගම් සහ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමේ සාකච්ඡාවට සහභාගි වන වතු එකාබද්ධ වෘත්තීය සමතිත් එකම පැත්තක සිටින නිසා වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි මංජුල සුරවිර මහතා කියා සිටියේ.