වතු හාම්පුතුන් හා දෙමළ ප්රගතිශීලී සන්ධානය අතර වතුකම්කරු වැටුප් ඉහළ දැමීම පිළිබඳ පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
වතු කම්කරුවන්ට රුපියල් 140ක දීමනාවක් ලබා ගැනීම සඳහා මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැති අතර, එහිදී අදාළ මුදල ලබාදිය නොහැකි බවට වතු හාම්පුතුන් ප්රකාශ කර තිබේ.
වතු කම්කරු වැටුප රුපියල් 700ක් බවට පත්කිරීමේදී එතෙක් ලබාදුන් රුපියල් 140 දීමනාව අහිමිකර තිබෙන අතර, ඒ පිළිබඳව මෙම සාකච්ඡාව පවත්වා ඇත.
අදාළ මුදල දිනාගැනීමට නොහැකි වුවහොත් තවදුරටත් ආණ්ඩුවේ ඇමතිකම් දැරීමට කටයුතු නොකරන බවට දමිළ ප්රගතිශීලී සන්ධානය මේ මස පළමුවැනි දින ආණ්ඩුවට දන්වා යවා තිබේ.