වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කරන්නැයි ඉල්ලන ඉල්ලීම සමඟ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නොව ධම්ම දිසානායක කියන පුද්ගලයා ලෙස එකඟවන බව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පැවසිය.
රුවන්වැල්ල කෙලෙවාසි දෙමළ විද්‍යාලයේ පැවති වතු ප්‍රජාවගේ හමුවකදී ආණ්ඩුකාරවයා මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා:
‘‘ තමන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කරන්න කියලා වතු කම්කරුවන් මේ දිනවල අරගල කරනවා. පළාත් ආණ්ඩුකාරවරයා විදියට මට ඔවුන්ගේ පැත්ත ගන්න බෑ. නමුත් ධම්ම දිසානායක විදියට මම පෞද්ගලිකව ඉන්නේ ඔවුන්ගේ පැත්තේ. ඔවුන්ගේ ඒ ඉල්ලීම ඉතාම සාධාරණයි. ඒ සටනත් සාධාරණයි.’’
‘‘වතු ප්‍රජාවගේ දරුවන්ටත් සමාන අධ්‍යාපන අයිතිවාසිකම් හිමිවිය යුතුයි. ඔවුන්ගේ පාසැල්වලටත් පහසුකම් සපයලා ඒ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළට ගෙනා යුතුයි. ඔවුන් රටේ හැම තැනම සැරි සරන්න ඕනෑ. වතු දරුවෝ කොළඹට ආ යුත්තේ කොත්තු බාස්ලා හෝ වහල් මෙහෙයන් සඳහා නෙවෙයි. ඒ ගෞරවාන්විත පුරවැසියන් විදියටයි.’’ ආණ්ඩුකාරවයා කීය.