දෛනික වැටුප් ගැටලුව මුල්කර ගනිමින් තලවකැලේ, ආගරපතන, හුට්වීල් වත්තේ නල්ලතන්නිය කොටසේ වතු කම්කරුවන් පිරිසක් අද (07) විරෝධතාවයක නිරත වුහ.
වතු වෘත්තීය සමිති හා වතු සමාගම් විසින් අත්සන් තබන ලද වැටුප් ගිවිසුමට තමන් තරයේ විරෝධය දක්වන බවත්, තම දෛනික වැටුප කුමන ආකාරයෙන් හෝ රුපියල් 1000 ක් දක්වා වැඩි කරන ලෙස රජයෙන් හා වතු සමාගම්වලින් ඉල්ලා සිටින බව විරෝධතාවයේ නිරත වතු කම්කරුවන් මෙහෙදී පැවැසීය.