තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස හෝ තමන්ට වැඩි කළ රු 700 මුලික වැටුපට රු140 ප්රසාද දිමනාව හෝ එකතු කරන ලෙස බල කරමින් හැටන් කොටගල ප්රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (03) විරෝධතාවයක් ආරම්භ කර තිබුණි.
හැටන් කොටගල ප්රදේශයේ වතු කිහිපයකම වතු කම්කරුවන් හැටන් කොටගල ප්රාදේශිය සභා කාර්යාලය අසල හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ එක් මං තිරුවක් අවහිර කරමින් විරෝධතාවක නියැළුණි.
විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ වතුකරයේ නියෝජනය කර දේශපාලඥයින් තමන්ට රු 1000 ක මුලික වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වි රු 700 ක මුලික වැටුපක් පමණක් ලබා දි එයට අදාළ අවබෝධතා ගිවිසුම වතු හාම්පුතුන්ගේ සංගමය සමග අත්සන් කර ඇති බවයි.
රු 700 මුලික වැටුපට තමන් මෙතෙක් ලබා ගත් රු 140 ප්රසාද දිමනාව අහිමි කර ඇති බවද විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේය.
අහිමි වු රු 140 ප්රසාද දිමනාව යළි ලබා ගැනිම සඳහා වතු හාම්පුතුන්ගේ සංගමය සමග පැවැත්විමට නියමිත සාකච්ඡාවේදි එම රු 140 ප්රසාද දිමනාව ලබාදිමට රජය කටයුතු කල යුතු බවයි විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.
මේ අතර හැටන් මල්ලිඅප්පුව ප්රදේශයේද හින්දු පුජකවරයෙක් ඇතුළු වතු කම්කරුවන් පිරිසක් තමන්ට රු 1000 ක මුලික වැටුප තමන්ට අහිමි වු රු 140 ප්රසාද දිමනාව ලබාදෙන ලෙස බලකරමින් සත්යග්රහයක් ආරම්භ කර තිබුණි.