වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ.
අද (1දා) වන දින සිට බලපැවැත්වෙන පරිදි ඔහු මෙසේ එම තනතුරේ වැඩ බැලීමට පත්කර ඇත. ඒ ඔහු දරන යුද හමුදාපති තනතුරට අමතරවය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ අද්මිරාල් රවින්ද්‍ර සී ගුණරත්න මහතා ඊයේ (31දා) සිය ධුරයෙන් විශ්‍රාම යෑම හේතුවෙන් මෙසේ ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩ බැලීමට පත්කර තිබේ.