මහරගම, පන්නිපිටිය නිවසකට පොලිස් ඇඳුමින් හා සිවිල් ඇඳුම්වලින් සැරසී පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී මැණික් හා දියමන්ති කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
නොවැම්බර් මස 5 දා මෙම සිදුවීම සිදුවූ අතර සැකකරු අද (19දා) කිරිබත්ගොඩ, වෙඩිකන්දේදී අත්අඩංගුවෙ ගෙන ඇත. ඔහු අවුරුදු 31ක් වන කසුන් ධනංජය නොහොත් වෙඩිකන්දේ කසුන් යන නමින් හඳුන්වයි.
කොල්ල කෑම සිදුවූ අවස්ථාවේදී මැණික් මිලදී ගැනීමට පැමිණි විදේශීය ජාතිකයෙක් අත් විලංගු දා පැහැරගෙන ගොස් ඔහුව මහරගම ප්රදේශයේ දමා ගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මිට පෙරද සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහුගෙන් ලබාගත් තොරතුරු හා දුරකථන වාර්තා විශ්ලේෂ්ණය කිරිමෙන් ලබාගත් තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරු මිරිහාන විශේෂ අපරා ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (20දා) නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට හඳුනාගැනමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.
මොහු මාකඳුරේ මධූෂ් නැමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙක් බවද කියැවෙන අතර මෙම දියමන්ති හා මැණික් කොල්ලය මධූෂ් විසින් සැලසුම් කළ බවද පැවැසෙයි.