ග්‍රාමීය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් හඳුනාගත් ”වැඩ සමඟ යළි ගමට” නව ව්‍යාපෘතිය ලබන 14 වනදා සිට රට පුරා කි‍්‍රයාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උපදෙස් ලබා දුනි.
අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ මුලසුන හොබවමිනි.
කොවිඞ් - 19 වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය දැඩි අසීරුතාවන්ට මුහුණ පා ඇති බවත්, ඊට මුදල් අමාත්‍යාංශයේ සහයෝගය ලබාදිය යුතු බවත් එහිදී යෝජනා කෙරුණා.
ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 72 ක් වූ ග්‍රාමීය සහ අර්ධ නාගරිකයන්ගේ ජීවන මට්ටමේ සාධනීය වෙනසක් ඇති කිරීමට නම් නිලධාරිවාදයට නොව ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයන්ට මුල් තැන දිය යුතු බවයි එහිදී වැඩිදුරටත් යෝජනා කෙරුණේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඞ් කබ්රාල් සහ ෂෙහාන් සේමසිංහගේ ද සහයෝගය ඇතිව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල එහිදි එකඟතාව පළ කළ බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.