වෙඩි වැදි බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රථිකාර ලබමින් සිටි බෙලිඅත්ත ප්රාදේශිය සභාවේ විපක්ෂනායක කපිල අමරකෝන් මහතා අද (22) උදැසන මියගොස් ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය සඳහන් කරයි.
ප්රදේශිය සභා විපක්ෂනායකවරයා ඉකුත් (20) වන දින උදෑසන වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත්කිරිමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකරණු ලැබිය. ඔහු කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.
තිදරු පියෙකු වන මොහු වෙඩි වැදී නිවෙසෙහි කාමරයක් තුල සිටියදී ඔහුගේ මව දැක රෝහල්ගත කර තිබුණි.. බෙලිඅත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
ජිනේෂ් නානායක්කාර