2015 ජනවාරි 8 වෙනිදාට පෙර වැඩ බිමක් වෙලා තිබුණු මෙරට 2015 ජනවාරි 8 වනදායින් පසු මුඩු බිමක් වු බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ අද (01) මහනුවරදි පැවැත්වු මාධ්‍ය සාකච්ජාවකදිය.
පසුගිය කාලයේ බැරිකම,නොහැකියාව,නිසා රටේ දියුණුවක් ඇති නොවු බවත් ඒ නිසා කිසිවක් කරන්නට නොහැකිව කටයුතු සිදු නොවු බවත් උඩුදුවා තිබුණු යුද්ධය ගැන ඡාත්‍යන්තරය පවසනුයේ කිසිදා විසඳාගන්නට නොහැකි යුද්ධයක් කියා නමුත් අපි එම යුද්ධය ජයග්‍රහණය කළ බවද අමාත්‍යවරයා පැවැසිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,
2009 යුද්ධය අවසන් කරයින් පස්සෙ මේ රට ඉතිහාසගතවන සංවර්ධනයක් වුණා. මේ රට වැඩ බිමක් බවට පත්වෙලා තිබ්බා. නොරොච්චෝලෙ, ඉහළ කොත්මලේ,කෙරවලපිටිය ,වරායවල්,ගුවන්තොටුපළවල්,නෙළුම් පොකුණ,නෙළුම් කුලුණ හැදෙන්න පටන් ගත්තා. මේ රටේ ජනයාගේ ජන ජීවිතය සෑම අතින්ම සාර්ථක වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක උනා.
2015 ජනවාරි 8 වෙනිදයින් පස්සේ වැඩ බිමක් වෙලා තිබ්බ මේ රට මුඩු බිමක් බවට පත් වුනා. නැවත වරක් වත්මන් රජය අපි වැඩ බිමක් කරන්න පටන් ගත්ත සල්ලි නැ කරගන්න බැ කිව්ව ආණ්ඩුවට හොඳම උදාහරණය තමයි අපි ඇවිල්ල මාසයක් යන්න කලියෙන් බිලියන 28 ක් මේ රටේ සෑම ග්‍රාම සේවක වසමකටම මිලියන 2 ක ගානෙ ලක්ෂ 20 ගානෙ ලබලා දිල තියෙනවා.
රාජපක්ෂ ණය රාජපක්ෂ ණය කියල 2015 කැගහපු අය මේ වනකොට ට්‍රිලියන 14 කට ආසන්න ප්‍රමාණයක් ණය වි ඇති බවත් රටේ එක පුද්ගලයෙක් මේ වනවිට ලක්ෂ පහමාරක් ණයවි ඇති බවද අමාත්‍යවරයා එහිදි පැවැසිය.
ෂැංගිලා ව්‍යාපෘතිය යටතේ ඉඩම් විකුණු බව විපක්ෂයෙන් චෝදනා නගන බව මාධ්‍යවේදියෙක් විසින් නැගු පැනයට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබා දුණි.
අපි එය කරල තියෙන්නෙ බදු කොන්දේසි මතයි. අනික ඒ කාලේ ලක්ෂ එකසිය විසිපහකට එකඟ වෙලා තිබ්බෙ. ඒ කාලේ ලක්ෂ එකසිය හැටට අපි තක්සේරු කරල තියෙන්නෙ බද්දක් හැටියටයි මේක අත්සන් කරන්න ගියේ. ලක්ෂ එකසිය විසිපහට පර්ච් එකක් අපි ඒක ලක්ෂ එකසිය හැට දක්වා වැඩි කරල තියෙනවා. විනිවිදභාවය හා වැඩි වාසිදායක අන්දමින් ඒ සම්බන්ධව කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.