හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එජාප නායකත්වයට පත්කළ යුතු බවට වු යෝජනාවක් ගාල්ල දිස්ත්‍රික් එජාප වෘත්තියවේදින්ගේ සංගමයේ පැවති රැස්විමකදි දි සම්මත කරගත් බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප සංවිධායක නීතිඥ තුෂාර ද සිල්වා මහතා පවසයි.
එජාපයට සම්බන්ධ ගාල්ල දිස්ත්‍රික් වෘත්තියවේදින්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදි නීතිඥ තුෂාර ද සිල්වා මහතා මේ බව සදහන් කළේය.
හෙතෙම මේසේද පැවසීය.
"අද රට බරපතල අර්බුද කිහිපයකට ලක්වෙලා තියෙනවා. බොරු පොරොන්දු ලබාදිලා තමයි වත්මන් රජය බලයට පත්වුනේ. රටේ ජනතාව බරපතල අර්බුදයකට ගිහින් තියෙනවා. ඒ ප්‍රශ්නවලට උත්තර දි ගන්න බැරුව සමගි ජනබලවේගය නන්නත්තාර වෙලා තියෙනවා. ජ.වි.පේ කඩා වැටිමක් තියෙනවා. රටට මෙන්ම එජාපයට අවශ්‍යකරන දේශපාලන නායකත්වය ලබාදෙන්න වජිර අබේවර්ධනයන්ට පුළුවන්. වජිර අබේවර්ධන හිටපු ඇමතිතුමාට රටේ ආර්ථිකය ගැන මෙන්ම එජාපය ශක්තිමත් කිරිමට අවශ්‍ය වැඩපිළිවෙළක් තියෙනවා. දැනට රටේ දේශපාලන රික්තයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා රට දිනන ආර්ථිකය ගොඩගන්න හා එජාපයට ගොඩ යන්න පුළුවන් වජිර අබේවර්ධන හිටපු ඇමතිතුමා එජාප නායකත්වයට පත්කිරිමෙන් පමණයි.
නිතිඥ නුවන් සොමරත්න මහතා මෙසේ පැවසීය,
"මා වෘත්තියවේදියක් විදියට වසර 19 ක කාලයක සිට කටයුතු කරනවා. එජාපයට ප්‍රබල ඉතිහාසයක් තියෙන ප්‍රශ්නයක්. මේ වනවිට එජාපය දැවැන්ත පරාජයක් ලබලා තියෙනවා. එජාපය ආසන 08 බැහලා නැවත 77 මහ මැතිවරණයේ දි හයෙන් පහක බලයක් ලබාගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකත්වයෙන් ඉවත් වෙනවානම් අලුත් නායකයෙකුට පක්ෂය භාරදිය යුතුයි. ඒ සදහා සුදුසුම පුද්ගලයා වජිර අබේවර්ධන හිටපු ඇමතිතුමා. එතුමා දේශපාලන අත්දැකිම් රාශියක් තියෙන නායකයෙක්. පසුගිය පළාත් පළාන මැතිවරණයේ දි ඡන්ද මධ්‍යස්ථාන 14000 ම බලාගත්ත නායකයා තමයි වජිර අබේවර්ධන මහතා. ඒ නිසා අබේවර්ධන මහතා එජාප නායකත්වයට පත්කළයුතු බව තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ වෘත්තියවේදින් ඉල්ලා සිටින්නේ".