එජාපයේ නායකත්වය සදහා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පත්කළයුතු බවට ගාල්ල මහනගර සභාව නියෝජනය කරණ එජාප නාගරික මන්ත්‍රිවරු 14 දෙනාම එක හඩින් ඉල්ලා සිටින බැව් ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා පවසයි.
ඊයේ (09) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය නගරාධිපතිවරයා මේ බව සදහන් කළේය.
එජාප නාගරික මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙකි මාධ්‍ය හමුවේදි නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙසේද පැවසීය.
එජාප නායකත්වයට නියම සුදුස්සා වජිර අබේවර්ධන මහතායි. ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි වෙනත් දිස්ත්‍රික්කවල එජාප පාක්ෂකයින් ඉල්ලන්නේ වජිර අබේවර්ධන මහතා එජාප නායකත්වයට පත් කළයුතුයි කියලා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ මැතිවරණ ප්‍රථිපල අධ්‍යයනය කිරිමේ දි එජාපයට ලැබුණු ඡන්ද වලින් වැඩිම ඡන්ද ප්‍රතිශතය අරගෙන තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. ඒ සදහා විශේෂ හේතුව තමයි වජිර අබේවර්ධන ඇමතිතුමාගේ සංවිධාන ශක්තිය හා නායකත්වය. පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න පුළුවන් නායකයා තමයි වජිර අබේවර්ධන මහත්තයා. ඔහු කවදාවත් පක්ෂය අත්හැරලා ගියේ නැහැ. නායකත්වය අපේක්ෂා කරන කණ්ඩායම තුල වජිර අබේවර්ධන ඇමතිතුමා ඉදිරියෙන් ඉන්නවා. ගාල්ල මහනගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිවරු 14 දෙනා එක හඩින් කියන්නේ එජාප නව නායකයා ලෙස වජිර අබේවර්ධන මහතා තොරාගන්න කියලා.