ලාංකිකයන්ට දකුණු කොරියාවේ අධ්‍යාපන, රැකියා හා ස්ථිර පදිංචි අවස්ථා පුළුල් වෙයි
අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට (MoU) මෙරට කම්කරු අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව පහක් දකුණු කොරියාවේ චැංවොන් ප්‍රදර්ශන සම්මේලන මධ්‍යස්ථානයේදී අත්සන් තැබීය.
ගිවිසුම මගින් ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, කාර්මික ශ්‍රම බලකා සංවර්ධනය සහ දකුණු කොරියාවේ ස්ථිර පදිංචිය ආදී සුවිශේෂ අවස්ථා නිර්මාණය වනු ඇත.
ශ්‍රී ලංකාව සහ චැංෂින් විශ්වවිද්‍යාලය අතර මේ වන විටත් ස්ථාපිත අධ්‍යාපනික සහයෝගිතාව හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන්ට දකුණු කොරියාවේ අධ්‍යාපන අවස්ථා උදා කර ගැනීමට හැකි වී තිබේ.නව ගිවිසුම මගින් එම අවස්ථා තවදුරටත් ශක්තිමත් කරමින් පුළුල් කෙරේ.
මෙම සහයෝගිතාව, අනාගත ඒකාබද්ධ ව්‍යාපෘති, ආයතනික හුවමාරු සහ ශ්‍රී ලංකාවට මෙන්ම කොරියා ජනරජයට ද ප්රතිලාභ ගෙන දෙන ව්‍යුහගත අධ්‍යාපනයෙන් රැකියා කරා යන මාර්ග සඳහා පුළුල් පදනමක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

