වත්මන් රජයට 2020 වසරේදී ගෙවීමට ඇති ණය පොලිය හා ණය වාරිකය පමණක් ගත් කළ ලබන වසරේ ජාතික ආදායමටත් වඩා ඉහළ ගොස් ඇතැයිද එහෙත් මහජනතාව සඳහා ලබාදෙන සුභ සාධන සේවා කිසිවක් කපා නොහරින බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (29) පස්වරුවේ හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවති මහජන හමුවක් අමතමිනි.