පාසල් සිසුන් තිදෙනෙක් මැදිරිගිරිය දියසෙන්පුර වෙළදසැලක් බිඳ ලැප්ටෝප් 07ක් ස්මාට් ජංගම දුරකථන 07ක් සොරකම් කර ඉන් කිපයක් වෙනත් පුද්ගලයින්ට අලෙවි කර තිබිය දි අද (30) දින අලුයම අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හිඟුරක්ගොඩ දොර 04, කිඹුලාවල ප්රදේශයේ පංදිචි අ පො ස උසස් පෙළ සදහා පෙනි සිටිමට නියමිත සිසුන් තිදෙනෙක් බව පොලීසිය සඳහන් කර සිටියි.
ඉකුත් දෙසැම්බර් 07 දින දියසෙන්පුර පිහිටි වෙළඳ ආයතනයක් කඩා එහි උපකරණ රැගෙන ගොස් ඇති බවට එම ආයතනය විසින් මැදිරිගිරිය පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් කරන ලද විමර්ශන අනුව මෙම සිසුන් තිදෙනා අත්අඩංගුවට ගෙන කල ප්රශ්න කිරිමේ දි මොවුන් එම ආයතනය කඩා ලැප්ටෝප් 07ක් ස්මාට් ජංගම දුරකථන 07ක් ගත් බවත් එයින් කිපයක් හිඟුරක්ගොඩ පුද්ගලයෙකුට අලෙවි කල බව පවසා තිබේ.
ඒ අනුව අලෙවි කරන ලද ලැප්ටොප් සහ ජංගම දුරකථන පොලීසිය ලබා ගත් අතර ඉතිරි උපකරණ එම සිසුන්ගේ නිවාසවල සඟවා තිබියදි සොයා ගත් බව පොලීසිය සඳහන් කර සිටි.
අත්අඩංගුවට ගත් උපකරණ සහ සිසුන් (31) දින හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන බව මැදිරිගිරිය පොලීසිය පවසා සිටියි.