මින් ඉදිරියට ශ්‍රී ලංගමය සඳහා මිලදී ගන්නේ උසස් තත්ත්වයේ බස්රථ පමණක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඒ සඳහා නව පිරිවිතර (Specifications) ඉදිරි මාස කිහිපයේදී හඳුන්වා දෙන බවද ඔහු පවසයි.
ඔහු අවධාරණය කළේ එම පිරිවිතරවලින් පරිබාහිරව ලංගම සඳහා බස් රථ මිලදී ගැනීමට නොහැකි වන සේ අලුත් නීතියක්ද පාර්ලිමේන්තුව හරහා හඳුන්වා දීමට කටයුතු කරන බවයි.
එම නීතිය පෞද්ගලික බස්රථ ප්‍රවාහන සේවාවට පසුව හඳුන්වා දෙනබවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරීන් සමඟ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැති සාකච්ඡාවකදීයි.