රුපියල් ලක්ෂ 300ක් වටිනා කැරට් විසිහතරේ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(17) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
මොහු කොළඹ , අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ජාවාරම්කරුවෙකු බව රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ .
ඔහු අද දින අලුයම 1.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විකලාංග රෝගීන් ප්‍රතිකාර සඳහා පළදින සායනික ඉණපටියක් පැළඳගෙන , ඒ තුළ මෙම කිලෝග්‍රෑම් 04ක් බර , කැරට් විසිහතරේ රන් බිස්කට් 40ක් සඟවා ගෙන සිටිය බැව් වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .