අතුරුගිරිය හෝකන්දර බෝගහවත්ත පාරේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් මිලට ගෙන මහා පරිමාණයෙන් හොරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් රුපියල් ලක්ෂ 21කට ආසන්න මත්කුඩු සහ මුදල් සමග ඊයේ (31) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය නිලධාරීන්ට හැකි විය .
සැකකාර කාන්තාව සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 106ක් ,ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් හය ලක්ෂ 3000 පොලිසිය භාරයට ගෙන ඇත.
දෙමටගොඩ සිරිසර උයන ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් අතුරුගිරියේ ප්‍රදේශයෙන් දෙමහල් නිවසක් මිලට ගෙන පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් අනුව එම නිවස සොයා දින ගණනාවක් තිස්සේ සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකාරිය පදිංචිව සිටි නිවස සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වෛද්‍යවරුන් ,උසස් රාජ්‍ය නිලධාරීන් පදිංචිව සිටින මෙම ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක් ලෙස එම නිවස මිලට ගෙන හොරෙයින් මත්කුඩු ජාවාරම වසර හතරක කාලයක සිට කිසිදු බාධාවකින් තොරව තොර ව සිදුකරගෙන ගොස් තිබූ බව පොලිස් නිලධාරියා කීය
එම කාන්තාවගේ නිවස සොයා ගැනීමෙන් අනතුරුව දින ගණනාවක් ගවේෂණ රාජකාරීවල නිරතව සිට සැකකාර කාන්තාව නිවසින් බැහැරව යන අවස්ථාව බලා පොලිස් කාන්තාවක් යොදවා අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඇයගේ අත් බෑගයේ සඟවා තිබූ මෙම මුදල් සහ මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .
අඩි ගණනාවක් තාප්පවලින් වටව තිබූ මෙම නිවස ට ඇතුලුවීම සඳහා ස්වයංකීය ගේට්ටු මෙන්ම ,ආරක්ෂිත කැමරා ද සවි කර තිබූ බව පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකාරිය දෙවන කසාදයේ පුරුෂයා සමග මෙම නිවසේ ජීවත්වන බවත් ඔහුද මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බව සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වූ බව පොලීසිය කියයි
සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා අතුරු අතුරුගිරිය පොලිසිය වෙත භාර දී ඇත