රුපියල් ලක්ෂ 123කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්තිඩිය ප්‍ර දේශයේදී හෙරොයින් ග්‍රෑම් 400ක් සමග 32 හැවැරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සන්තකයේ තිබී මුදලින් රුපියල් 94040ක්, ජංගම දුරකතන දෙකක්ද පොලිස් භාරයටගෙන තිබේ.
නාරම්මල ප්‍ර දේශයේදී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි තිබී හොරොයින් ග්‍රෑම් 30ක්, අසිස් ග්‍රෑම් 805ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 8350000කි.
සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 12350000කි.