ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යය වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි 32 හැවැරිදි ඉරාක ජාතිකයෙකු අද (22දා) උදෑසන ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඉරාකයේ සිට ඩුබායි වෙත පැමිණ, එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් යානයකින් අද අලුයම 12.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එහිදී මොහු පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඇති වූ සැකය මත , ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ විට, ඔහු බ්‍රිතාන්‍යය ජාතිකයෙකු සේ ඉතා හොදින් ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කරමින්, තමා බ්‍රිතාන්‍යයේ සිටින තම බිරිඳ බැලීම සදහා යන බව පවසා තිබේ.
පසුව ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොහු ඉදිරිපත් කළ බ්‍රිතාන්‍යය ගුවන් ගමන් බලපත්‍රය විශේෂ තාක්ෂණික උපකරණ මගින් වැඩිදුර පරීක්ෂා කිරීමේ දී , බ්‍රිතාන්‍යය විසින් එරට ගුවන් ගමන් බලපත්‍ර සඳහා විශේෂයෙන් යොදන ආරක්ෂක උපක්‍රම ඒ තුළ නොවීම නිසා, මෙය ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් බව අනාවරණය වී තිබේ.
ඉන් පසුව ඔහු විසින් රැගෙන විත් තිබූ ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී , ඒ තුළ වූ ටී ෂර්ට් එකක ඔතන ලද සැබෑ ඉරාක ගුවන් ගමන් බලපත්‍රය සඟවා ගෙන තිබියදී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ඉරාක ජාතිකයා රටවල් ගණනාවක් ඔස්සේ බ්‍රිතාන්‍යයට යෑමට පැමිණ ඇත්තේ , ඒ රටවල ගුවන් තොටුපළ වලදී යොදන නිල මුද්‍රා නිසා, මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය අනාවරණය කර ගැනීම බ්‍රිතාන්‍යයේ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට අපහසු වී යෑමටය.
ටී.කේ.ජී. කපිල