පසුගිය සතියක කාලය තුළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන ලද කෝවිඩ් 19 මරණ පිළිබඳ දත්ත විශ්ලේෂණයේදී දිනක් තුළ වැඩිම කෝව්ඩ් 19 මරණ සිදු වී ඇත්තේ මැයි 31 වැනිදා බව පෙනී යයි. එම මරණ ගණන මේ දක්වා ( අවසන් නිවේදනය නිකුත් කළ 06 වැනිදා දක්වා) 50කි.
එසේම මැයි 30දින මරණ 47ක්, මැයි 29 වැනි දින මරණ 36ක්ද, ජූනි 01 දින මරණ 38ක් ද ලෙසද වාර්තා වී තිබේ.
තවද මැයි මස 29 වැනිදා සිට ජූනි 4 වැනිදා දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 229කි. ඉදිරි දින වලදීද තවදුරටත් මැයි මාසයේ 31 වෙනිදා සිදුවූ මරණ වාර්තා විය හැකිය.
ඒ ඒ දිනවල තහවුරු කරන ලද මැයි 31දා මරණ සංඛ්‍යාව
මැයි 31 – 04
ජුනි 01 – 02
ජුනි 02 – 07
ජුනි 03 - 11
ජුනි 04 – 16
ජුනි 05 – 04
ජුනි 06 – 06