සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති පියවර අගය කරන බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කොමිසමේ සහාය ඉදිරියටත් ලබා දෙන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී මොනා රිෂ්මාවි මහත්මිය සඳහන් කළාය.
ඒ ඇය ඇතුළු නියෝජිත පිරිසක් අද පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හමුවූ අවස්ථාවේදීය.
මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාව ලබා දෙන ප්‍රමුඛත්වය ඉදිරියටත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කළාය. මෙහිදී අදහස් දැක්වූ තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා රජය උපරිම වශයෙන් කටයුතු කර ඇති බවයි.