Champa
Friday, 29 March 2019 07:14 PM
ෂා...... කියලා වැඩක් නැහැ. පොඩ්ඩක් ඉන්න. ඕකෙන් හොඳ වැඩක් ගන්න පුළුවන්. මේ වගේ දෙයක් වෙන කවුරුවත් කරලත් නැහැ. තරංග, ඕකට ඉස්සෙල්ලම Patent බලපත්‍රය ගන්න දැනට අරන් නැත්නම්, හොඳද, අර මොකක්ද දීල තියෙන බලපත්‍රයෙන් විතරක් වැඩක් නැහැ. ඔබේ නිර්මාණය පිටරටට දෙන්නේ නැහැ කියපු කතාවට හුඟක් ගරු කරනවා. කීයක් දෙනවා කිව්වත් ඕක කාටවත් දෙන්න එපා. ෂී.... මට මේකට හරිම කැමතියි. මමත් පොඩි කාලේ අහසේ තියෙන තරුවල නම් තාත්තගෙන් අහනවා. පසළොස්වක දවස් වලට අපි හුඟක් රෑ වෙනකම් මිදුලේ පුටු තියාගෙන අහස දිහා බලන් ඉන්නවා. වල්ග තරු, හඳ රාහු අල්ලනවා වගේ දේවල් (චන්ද්‍ර ග්‍රහණ) ඉගෙන ගත්තේ හුගක් පොඩි කාලේ ගෙදරදිමයි. තරංගගේ නිර්මාණය ඇත්තටම කිව්වොත් ජාත්‍යන්තර තත්වයේ. ඕක කරන්න පිටරට ගිහින් සල්ලි හොයා ගත්ත කිව්වහම පුදුමත් හිතුන. හැමදාම කියනව වගේ අපේ රටේ අසාමාන්‍ය විදියේ නිර්මාණශීලි අදහස් දක්ෂකම් තියෙන තරුණයෝ ඉන්නවා. නමුත් කැලා මල් වගේ. ඒ මොකොද අගය කිරීම අඩු නිසා සහ පාලකයෝ ඒ ගැන වැඩි උනන්දුවක් නැති නිසා. ඔහොම ටිකක් ඉන්න. මම මේ වගේ ලිපි එකතු කරගෙන ඉන්නවා වැඩකට. මගේ කුරුටු පොතෙත් ලියල තියෙනව.
Reply :
0
1