දකුණු කොරියාවේ ග්යොංගි පළාතේ හ්වාසොං හි ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවය කළ ශ්රී ලාංකික සේවකයෙකු කාර්මික අනතුරකින් මිය ගිය බව කොරියා ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
තම ඉලක්කය නියමිත කාලයේදී සපුරාලීම සඳහා පැය 18ක් අඛණ්ඩව සේවා කරමින් සිටියදී ඔහු මෙසේ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු පසුගිය 25දා අලුයම 3.30 ට පමණ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අසල තවත් විදේශීය ජාතික කම්කරුවන් දෙදෙනෙකුද සේවයේ සිටී ඇති නමුත් ශ්රී ලාංකිකයා කෑගසන තෙක්ම ඔවුන් අනතුර පිළිබඳව දැනුවත්ව සිට නොමැත.
ලාංකිකයා එම කර්මාන්තශාලාවට පැමිණ මාස තුනකටත් අඩු කාලයක් ගතව තිබේ.
ලාංකිකයා ඇතුළු කම්කරුවන් තිදෙනා උදෑසන 9ට සේවය ආරම්භ කර ඇති අතර පැය 18ක් අඛණ්ඩව සේව කළ තිබේ. කොරියානු ජාතික කර්මාන්තශාලා සේවකයා රාත්රී 11ට කර්මාන්තශාලාවෙන් පිටත්ව ගොස් තිබේ.