ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු කළාපීය රටවල 73 වන සැසිවාරය අද (09) පෙරවරු 9.30 ට තායිලන්තයේබැංකොක් නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය.
මෙවර සැසිවාරය සදහා ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියානු කළාපීය රටවල් 11 ක අමාත්‍යවරු ඇතුලු නියෝජිතයින් රැසක් සහභාගි වී සිටියහ.
එම රටවල් අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, භූතානය, ඉන්දුනීසියාව, තායිලන්තය, තිමෝරය, මියෙන්මාරය, මාලදිවයින, නේපාලය හා උතුරුකොරියාව වේ.
මෙම සැසිවාරයේ දී රටවල් අතර නියෝජිතයින් තම අදහස් හුවමාරු කර ගන්නා ලද්දේ අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය මගින් වන අතර, කොළඹ පිහිටි මෙරට ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ දී 73 වැනි සැසිවාරය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මෙවර සැසිවාරයේ සභාපතිත්වය තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය Mr.Anutin Aharnvirakul මහතා විසින් දරන ලදි.
මෙවර දකුණු ආසියානු කළාපීය රටවල 73 වන සැසිවාරයේ දී විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය වූයේ ලොව පුරා පැතිරයමින් පවතින කොවිඩ් -19 වෛරසය පිළීබදව සහ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම පිළීබදවය.
මෙහිදී මෙරට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ශ්‍රී ලංකාව කොවිඩ් -19 උවදුර මර්දනය හා මැඩපැවැත්වීම සදහා ගනු ලැබූ තීන්දු තීරණ හා ක්‍රියාමාර්ගයන් පිළිබද අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ කලාපීය රටවල නියෝජිතයින්ට කරුණූ පැහැදිලි කරන ලදි.