ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ශේෆර් අද (13දා) තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි බව වාර්තා වේ. මෙය ඔහුගේ පළමු ශ්‍රී ලංකා සංචාරයද වෙයි.
මෙම සංචාරය අතරතුර ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, කොළඹ නගරාධිපති රෝසි සේනානායකසහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් හමුවීමට නියමිතය.